ගොඩක් වැදගත්, බලාපොරොත්තුවෙන් හිටපු මේල් එකක්, වැඩි හොදට ඇටෑච් කරපු කෙහෙල්මල් ලින්ක් එකක් නිසා ස්පෑම් ගොඩට ගිහින් තිබිල කනගාටුදායක ලෙස මගහැරිල තිබිල සතියකට විතර පස්සෙ දැක්කොත් මොකද හිතෙන්නෙ. නෑ ඒක නිකං කිව්වෙ, කියන්න ආවෙ වෙන කතාවක්, ඒක නිසා මේකත් මතක් උනා.
මේ පෝස්ට් එක ලියන්නෙ ඔන්ලයින් ෆේක් මේල් සයිට් එකක් භාවිතයෙන්, මගෙ බුකි ඉන්බොක්කට ආදරනීය මැසේජ් එකක් එවපු මහත්තැන්ට හරි නෝනට හරි. මං දන්නව එයා මං ගැන ටිකක් හරි දන්න කෙනෙක්. අනිවා මේක දකිනව. දැක්කට පස්සෙ ඔය කොන්දෙ පන කියල ඩිංගක් හරි තියනව නම් කමෙන්ට් කරල තවත් ඕන විස්තර දැනගන්න. මෙන්න අහපු දේවල් වලට උත්තර.
ඇත්ත, මට බුකි අකවුන්ට් ගොඩක් තියනව, ඒත් තමුන් හිතනවටත් වඩා තියනව තනියම රිපෝට් කරල බුකියෙන් ෆොටෝ එකක් අයින් කරන්න ඕන තරම වගේ දෙතුන් ගුනයක් තියනව. එව්ව එකක් වත් බ්ලොක් වෙලත් නෑ. පේජ් group එහෙමත් ගොඩක් තියනව, ඔබ කිව්ව වගේ බ්ලොග් දෙකතුනකුත් තියනව, දැන් එව්ව ලිව්වත් නැතත් එහෙම තියනව, ඔය හැම මගුලකම අකවුන්ට් තියනව. ඒත් ඔබ තුමා/තුමිය කියන විදිහෙ පජාත වැඩ වලට මං එව්ව පාවිච්චි කරලත් නෑ, කරන්නෙත් නෑ, එලකිරි එකේ කේලම් ගීක් එකේ කියනව වගේ වැඩ කරන්නෙත් නෑ, මං දුප්පත් තමයි ඒත් ඉන්ටනෙට් එකන් සත පහක් හොයල නෑ මං වියදම් කරනව මිසක්. ඊ මනි වලට ලොල් වෙලා ලින්ක් ශෙයා කරන්න තරම් උවමනාවක් නෑ මට. ඉස්සර කොහොම උනත් දැන් තුන් වේලක් කන්න තියනව.
ඔයා කියන විදිහෙ පහත් අරමුනු මට නෑ. කොන්දක් තියනව නම් කෙලින්ම අහන්න. මං උත්තර දෙන්නම්. මොකද හංගන්න දෙයක් නෑ මට, හංගන්න හොර වැඩ වත්, බලු වැඩ වත් කරල නෑ, අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්න. එතකොට ඔය අසහනෙට උත්තරයක් වගේම, සැනසීමකුත් ලැබෙයි. මට එවපු මැසේජ් එකේ තිබුනු කුනුහරප මට දැනුනෙවත් නෑ. දුක හිතුන ඔයාගෙ පහත් මානසිකත්වය ගැන. ඔය ලෙඩේට බෙහෙත් නෑ. ඒ ගැන දුකයි.
දැන් ඇති, මං ආයෙමත් කියන්නෙ කොන්දක් තියනව නම් මට මැසේජ් කරන්න. තියන ප්රශ්නයක් අහන්න. දැනුවත්ව නම් මං කාටවත් වරදක් කරල නෑ.
මේක කිහිප දෙනෙකුට ටැග් කලොත් ඒ අදාල කෙනාගෙ අවදානය ගන්න මිසක් ටැග් කරන අයට කියනව කියල එහෙම නෙමෙයි.